මෙය මාගේ වෙනත් බ්ලොග් අඩවියක පළවූ පැරණි ලිපියක් නැවත මෙහි පළ කිරීමක් බව සලකන්න.
පැරණි ලිපියට සම්බන්ද වෙන්න >>
ආයුබෝවන් කිව්වා කස්ටියටම, කොහොමද සැප? සනීප? මාව අමතකාවෙලාවත්ද දන්නෑ.... ;-) කාලෙකින් බ්ලොග් එකේ ලිපියක් ලියන්න බැරි වුනා. දන්නෝ දනිති මං වනගත වෙලා හිටියේ කියලා. එහේට යහමින් ජාලේ තිබ්බෙත් නෑ කියන්නකො. සීඩීඇම්ඒ ෆෝන් කට්ටක් හම්බවුනා තමා, ඒකෙන් යාන්තං බස්(z) එකට ගොඩවුනා ඇරෙන්න වෙන වැඩක් කරන්න වෙලාවක් කලාවක් තිබුනේ නෑ නෙව. (රහසින් - බස්z එකේ උන්ටත් දැං බ්ලොග් ලිවිල්ල අමතක වෙලා J) වන ගත ජීවිතේ ගැන ලියන්න හිතන් හිටියත් ඒ සුන්දරත්වය ගැන කතා කරන්න කලින් හිතන්න ඕන රෙස්ට්‍රික්ෂන්ස් වගයක් තියෙනවා. ඒ නිසා ඒවා ගැන හිතලා වනගත ළමෝ ගැන පස්සේ වෙලාවක කියන්නම්. දැනට හිතාගන්නකෝ හිටියේ අධි ආරක්ෂිත කළාපයක කියලා.
පැරණි ලිපියට සම්බන්ද වෙන්න >>
ආයුබෝවන් කිව්වා කස්ටියටම, කොහොමද සැප? සනීප? මාව අමතකාවෙලාවත්ද දන්නෑ.... ;-) කාලෙකින් බ්ලොග් එකේ ලිපියක් ලියන්න බැරි වුනා. දන්නෝ දනිති මං වනගත වෙලා හිටියේ කියලා. එහේට යහමින් ජාලේ තිබ්බෙත් නෑ කියන්නකො. සීඩීඇම්ඒ ෆෝන් කට්ටක් හම්බවුනා තමා, ඒකෙන් යාන්තං බස්(z) එකට ගොඩවුනා ඇරෙන්න වෙන වැඩක් කරන්න වෙලාවක් කලාවක් තිබුනේ නෑ නෙව. (රහසින් - බස්z එකේ උන්ටත් දැං බ්ලොග් ලිවිල්ල අමතක වෙලා J) වන ගත ජීවිතේ ගැන ලියන්න හිතන් හිටියත් ඒ සුන්දරත්වය ගැන කතා කරන්න කලින් හිතන්න ඕන රෙස්ට්‍රික්ෂන්ස් වගයක් තියෙනවා. ඒ නිසා ඒවා ගැන හිතලා වනගත ළමෝ ගැන පස්සේ වෙලාවක කියන්නම්. දැනට හිතාගන්නකෝ හිටියේ අධි ආරක්ෂිත කළාපයක කියලා.
දැං ලියන්න යන්නේ කැලෙන් එලියට ආපු දවසක ගියපු තවත් එක දෙසක් රියේ චාරිකාවක් ගැන.
මේ තමා බුදුරුවගල . ගොඩක් කස්ටිය අහලත් දැකලත් ගිහිල්ලත් ඇති. හැබැයි ඉතිං පුංචි කාලේ හරි ලොකු කාලේ හරි අධ්‍යාපන චාරිකා යනකොට ඉගෙන ගන්න දේවල් චාරිකාව අන්තිමේදී අමතකවෙන එක සාමාන්යදෙයක්නේ. ඒ නිසා ඒ මතකයන් අළුත් වෙන්නත් එක්ක සබ්ජෙක්ට් එක පැත්තටත් ටිකක් නැඹුරු වෙලා මේ ලිපිය ලියන්න හිතුනා. කාටහරි කොයි වෙලේ හරි ඕන වෙන්නේ නැතෑ.
මේ චාරිකාව යද්දී නං ඉතිං මගේ හුරුපුරුදු ගමන් සහායිකාව වන බ්ලොගී හිටියේ නෑ. මාත් එක්ක මේ චාරිකාවට සම්බන්ද වුනේ වනගත වෙලා හිටපු මගේ අනිත් සගයා. දිනය මතකේ හිටියට පහුගිය ඔක්තෝබර් 18 වෙන්න ඕන. එදා දවසේ කැලේ අපිට කරන්න තිබ්බ වැඩේ කැන්සල් වුනා. ඒ නිසා මායි මගේ සගයයි දෙන්නා හිතුවා බුදුරුවගල යමු කියලා. අපි හිටපු තැනින් කිලෝමීටර් 35ක් විතර ඈතින් තමයි බුදුරුවගල තියෙන්නේ.
බදුල්ල බණ්ඩාරවෙල ඉඳන් එනවා නං වැල්ලවාය නගරය පහුකරලා කිලෝමීටර 5ක් විතර එනකොට, එහෙම නැත්තං කතරගම, තිස්ස, හම්බන්තොට වගේ පැතිවල ඉඳලා එනවා නම් වැල්ලවායට කිලෝමීටර් 5ක් මෙපිටින් බුදුරුවගල මංසංදිය හමුවෙනවා. අඳුරගන්න හරිම ලේසියි. සංචාරක නිවාසයක් වගේම, බුදුරුවගල ඉස්කෝලෙත් තියෙන්නේ ඒ මංසංදියේම තමයි. එතනින් කැලේ ඇතුලට තියෙන පාරේ කිලෝ මීටර් 5ක් 6ක් යනකොට තමයි බුදුරුවගල හමුවෙන්නේ.
ඉස්සරවගේ නෙමෙයි, පාරවල් එහෙම සෑහෙන දුරට හොඳනිසා ඕනෑම වාහනයකට මේ පාරේ යන්න පුළුවන්. අපියනකොටත් විදේශිකයන් කාණ්ඩ කිහිපයක්ම රෝසා බස් වල බුදුරුවගල බලලා ආපහු එමින් හිටියා. පාර ටිකක් කර්කෂ වුනත් බුදුරුවගල ජලාශය කිට්ටුවෙන අතරම ගස් කොලන් සෑහෙන්න පිරිච්ච ඉසව්වකින් යන්න වෙන නිසා ලොකු විඩාවක් දැනෙන්නේ නෑ. බුදුරුවගල ජලාශය හරිම ලස්සනයි. ඒත් අපි එතන නැවතුනේ ආපහු එන ගමනෙදීයි.
මේ හරියේ ඉන්නවා හරිම අපූරු බලු යාළුවෙක්. මෙයා අපිත් එක්ක අපේ බුදුරුවගල පුරාම ඇවිද්දා. ඒක එයාගේ පුරුද්දක්ලු. සමහරවිට දවසක ඔයාලටත් එයාව හම්බවේවි.
ඔන්න දැන් අපිට බුදුරුවගල පේනවා. සෑහෙක විශාල පර්වතයක් තමයි පිළිම නෙලලා තියෙන්නේ. ටිකක් ඈතින් පිංතූරේ ගත්තේ ඔය පර්වතය හොඳට පේන්න ඕන නිසා.
ඔය විශාල පර්වතයත් පිහිටලා තියෙන්නේ ඇතෙකුගේ ශරීරයේ හැඩයටයි. පිට පුදේශය, හිස, හොඬවැල ආශ්රිත ප්‍රදේශයත් එතනදී හොඳට නිරීක්ෂණය කරන්න පුළුවන්.
බුදුරුවගල කියන්නේ ඉස්සර නම් ජනාවාස නැති කැලේ මැද්දේ තනි වුණ අපේ උරුමයක්. ඒත් දැන් ටිකක් ආසන්නයට ජනාවාස ඇති වුනත් බුදුරුවලග තාමත් කැලේ මැද්දේ තනි වෙලා. මං කියවපු මූලාශ්‍රවලට අනුව මේ අවට තියෙන නටඹුන් පවා තාම හරිආකාරව පුරාවිද්‍යා අධ්‍යයනයන්ද ලක් වෙලා නැහැ. ඒ නිසාද දන්නෑ දේශීය මෙන්න විදේශීය සංචාරකයන් පවා මේ ප්‍රදේශයට වැඩිපුර නොඑන තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒත් හොඳම කතාව ඒක නෙමෙයි, තලේබාන්වරුන් විසින් විනාසකරපු ඇෆ්ගනිස්ථානයේ බාමියන් බුද්ධ ප්‍රතිමා වලට පස්සේ ඉතිරිව තියෙන ඒවාගෙන් විශාලතම ශෛලමය ප්‍රතිමා වන්නේ බුදුරුවල හැටියටයි සැලකෙන්නේ. ඒ නිසාම මෙය බලන්න වටිනම අඩවියක්.
ලංකාවේ ථේරවාදය මුල්තැන ගෙන තිබුනත් මෙම බුදුපිළිම මහායානිකයන් විසින් වන්දනාමාන කිරීම සඳහා නිමැවූ බවයි පිළිගැනෙන්නේ. ඒ අතර උසින් මීටර් 13 වෙන මෙම පිළිමය දීපංකර බුදුන්ගේ බවයි පිළිගැනීම. නමුත් කඹුරුපිටියේ වනරතන හිමියන් මෙය ධ්‍යානී බුදුවරයකු වන අමිතාභ බුදුන් ලෙස අර්ථදක්වන බව මාලිංග අමරසිංහ (කැළණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය) මහතා එතුමන් විසින් බදුරුවගල පිළිබඳ ලියා ඇති කෘතියෙන් හෙළිදරව් කරනවා. ඒත් එක්කම මේ බුදු පිළිමයෙන් සමභංග ඉරියව්ව නිරූපනය වෙන බවත් දකුණු අතින් අභය මුද්‍රාවත් පිළිබිඹු වන බව කියැවෙනවා. අවුකන වගේ බුදුපිළිම වල ගලෙන්ම සිවුරේ රැළි නිර්මාණය කර තිබුනත් මේ බුදුපිළිමයේ බදාම තවරා ඒ මත පාට වලින් රැළි නිරූපණය කර තිබෙන බවත් තමයි කියැවෙන්නේ.
දැන් අපි බලන්න ලෑස්ති වෙන්නේ, බුදු පිළීමයට වම්පසින් තියෙන පිළිම දිහාවයි.
වම් පැත්තෙන් තියෙන පිළිම තුනෙන් මැද තියෙන්නේ උඩුකය නිරුවත්, සමභංග ඉරියව්වෙන් යුත්, දෑතින් කටක මුද්‍රාව නිරූපනය වන මීටර් 7.1 අස යෝගී අවලෝකිතේශ්වර බෝසත් ප්‍රතිමාවයි. සුදු පැහැති බදාමයකින් මේ ප්‍රතිමාව ලස්සන කරන්නත් සෑහෙන උත්සහ කරලා තියෙනවා. මහායානයේ දී අවලෝකිතේෂ්වර නිරූපනය කරන්නේ රන්වන් පැහැයෙන් වීම ඊට හේතුව බවයි මං අර කලින් කියපු පොතේත් සඳහන් වෙන්නේ.
මේ බෝධිසත්ව ප්‍රතිමාවට දකුණුපැත්තෙන් තියෙන්නේ මහායානයට අනුව අවලෝකිතේෂ්වර බෝසතුන්ගේ භාර්යාව වූ යෝගී තාරා දේවියයි. කාන්තා ලාලිත්‍ය ඉස්මතු කිරීමේ අවශ්‍යතාව නිසාම මේ රුව දැක්වෙන්නේ ත්‍රිභංග ඉරියව්වෙන්. (මේ ඉරයව් ගැන අපේ තිස්සයියා හොඳට දනී) මීටර් 5.9 උස මේ ප්‍රතිමාවේද උඩුකය නිරුවත් ලෙස නිරූපනය කර තියෙන්නේ ඒ කාලයේ සම්පුදායට ස්ත්‍රී ලාලිත්‍යය පෙන්නුම් කිරීමටය. එම ප්‍රතිමාවේම දකුණු අතින් කටක මුද්‍රාවද, වම් අතින් නෙළුම් මලක් හෝ අමෘත කළස දරාසිටින බවත් කියැවෙනවා.
බෝධිසත්න ප්‍රතිමාවට වම් පැත්තෙන් ඇත්තේ සුධන කුමාර ප්‍රථිමාවයි. මීටර් 6.5ක් උස උඩුකය නිරුවත්, කටක මුද්‍රාවෙන් යුත් සුධන කුමාර ප්‍රතිමාවයි.
ඒ පිළිම තුනම තවත් කැමරා කෝණයකින්.ඊලඟට අපි හැරෙන්නේ බුදුපිළිමයට දකුණු පැත්තෙන් තියෙන ප්‍රතිමා තුන දිහාවටයි. මෙන්න සමීප දසුනක්.
මේ ප්‍රතිමා තුනේම තියෙන වැදගත් කම තමයි අනෙක් ප්‍රතිමා වලට සාපේක්ෂව සවිස්තරාත්මකව කැටයම් නෙළා තිබීම. සමහරවිට ගල් පර්වතයේ මේ හරිය අනිත් තැන් වලට වඩා සුමටව තියෙන්න ඇති. කොහොම වුනත් මුහුණේ ඉරියවු, ඇඳුම් ආයිත්තම් පවා තාමත් හොඳින් දැක ගන්න පුළුවන් විදිහට නිර්මාණයේ කැටයම් ඉතුරුවෙලා තියෙනවා. මෙතන මැද තියෙන්නේ මෛත්‍රී බෝධිසත්ව ප්‍රතිමාවයි. උසින් මීටර් 7ක් එය. රාජකුමාරයකුගේ මෙන් වැඩිපුර රාජාභරණ වලින් යුක්තව නිර්මාණය කරලා තියෙන මේ ප්‍රතිමාවද උඩුකය නිරුවත්ව, දෑත් කටක මුද්‍රාවෙන්ද තමයි නිරූපරනය කරලා තියෙන්නේ.
මෛත්‍රී ප්රතිමාවටත් දකුණුපැත්තෙන් (ඉදිරියෙන් බැලූවිට) තියෙන්නේ වජ්‍රපානී බොධිසත්ව ප්‍රතිමාවයි. ඒකත් මීටර් 6.4ක් උසයි. කටත මුද්‍රාවෙන් තියෙන දකුණු අතේ වජ්රයක් තබා ගෙන සිටින අයුරක් තියෙන නිසා තමයි මෙය වජ්‍රපානී බෝධිසත්ව රුව ලෙස හඳුනාගෙන තියෙන්නේ.
හප්පේ... එක හුස්මට ලියාගෙන ගියා. කතාකරන බාසාවයි ලියන බාසාවයි කලවං වුනාද මං දන්නෑ.
දැං අපි ආපහු හැරිලා බුදුරුවගල ජලාශය දිහාවට යන්න ඕනා. ඔය අතරේ අපි බුදුරුවගල පංසලේ කියෙන පුංචි කෞතුකාගාරයටත් ගියා. පුංචි වුනත් බොහෝ දේ ඒ අතර තිබුණා.
ඔය උඩ පිංතූරේ වැඩ ඉන්න ඔබ්බේගොඩ ධම්මතිලක ලොකු හාමුදුරුවෝ තමයි බුදුරුවගල පංසලේ ලොකු හාමුදුරුවෝ. ශාස්ත්‍රපති පදවියක් වගේම සිංහල ශබ්දකෝශයේ කර්තෘ පදවියකුත් ලොකු හාමුදුරුවන්ට තියෙනවා. කැලෑවෙන් වට වෙච්ච බුදුරුවගල, මිනිස්සුන්ට යන්න එන්න පුළුවන් පහසුකම් තියෙන තැනක් බවට පත් කරන්න ලොකු හාමුදුරුවෝ සෑහෙන්න මහන්සිවෙලා තියෙනවා. දැන් වැඩ ඉන්න ලොකු හාමුදුරුවෝ තමයි තැරෑලේ ධම්මරතන හාමුදුරුවෝ. හැබැයි අපි ගිය දවසේ නං උන්වහන්සේ බැහැදකින්න ලැබුණේ නෑ. කෙහොමින් කොහොමහරි, මාලිංග සර්ගේ පොතකුත් පංසලින්ම අරගෙන අපි ආපහු එන්න පිටත් වුනා. එතකොටත් තවත් විදේශිකයික් කාණ්ඩයක් බුදුරුවගල බලන්න ආවා.
අමතක කරන්න එපා දැන් අපට හම්බ වෙන්නේ බුදුරුවගල ජලාශය. අපි ආපහු අස්සයා පිටේ නැගලා ටික දුරක් ආපස්සට ආවා.
ඇත්තටම ලස්සනයි. වැව මැදදේ උඩට මතුවෙච්ච ගස් මුදුනේ කොක්කුයි තව කුරුල්ලෝ වගේකුයි ලැගලා ඉන්නවා. අපි කලින් ඔයාලව එක්කං ගිය ඉහල ඌව වගේ නෙමෙයි පහල ඌවේ හුලඟ හරි වියලියි. ඒත් වැවක් ගාව ඉන්නකොට ඒ හුගඟටත් ජලවාශ්ප එකතුවෙන නිසාද කොහෙද ඇඟට හරිම සනීපයි.
හෙමින් සැරේ කළු වලාකුලකුත් මෝදු වෙනවා. අපිට යන්න කියනවාද කොහෙද? වහින එකනම් හොඳයි. මොකද ටික දවසකින් මෙහෙට වැස්සෙත් නෑලු. වැස්ස කාලෙට පහල පිංතූරේ වැව් කන්ඩියේ සුදුපාටට පේන මායිමටම වතුර පිරෙනවාලු. හැබැයි පායන කාලෙට වැව පතුලේ බයිසිකල් පදින්නත් ලඟ ගමේ ලමයි එනවාලු. :)
එහෙනං අපේ ඒ චාරිකාවත් ඉවරයි. යන්න වෙලාව හරි.
හැමදාමත් වගේ මෙන්න පුංචි පණිවුඩයක්. “පරිසරය” එයා නැත්තං අපිත් නෑ. ඒ නිසා...එක දිගට ලියාගෙන ගිය නිසා කතාකරන බාසාවයි ලියන බාසාවයි කවලං වුනානනං සමාවෙන්න. ආයේ දවසක තව කොහේ හරි යං. ඌව පළාතේ ඉහල ඌවයි පහල ඌවයි හාත්පසින් වෙනස්. මං කැමතියි ඊලඟ පාර නැවත ඉහල ඌවේ රවුමක් ගහන්න. කෝකටත් ඔට්ටු ඕෆ් රෝඩ් ගමන් සඟයෙක් ඉන්න නිසා බයක් නෑ. ඕන දිහාක යතහැකි.
හැබැයි මෙදාපාර ගමනට එක්කාසු විච්ච (බ්ලොගී නැති නිසා) මගේ අළුත් සගයාගේ පොටෝ එකක් ගන්න බැරුව ගියා. ගමනට මගෙත් එක්ක එකතු වුනාට උශාන් මල්ලිටත් පිං.
විස්තර ලියන්න සෑහෙන්න වටින මූලාශ්රක් වුනේ...
කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මාලිංග අමරසිංහ සර් ගේ ඓතිහාසික බුදුරුවගල කියන පොතයි. වැඩි දුර විස්තර කියවන්න ආසනම් හොයාගන්න පුළුවන් කාටත්. ISBN : 978-955-51343-0-9
එහෙනං අදට නවතිමු. ආපහු චාරිකාවකින් හමුවෙනකල් ....
ජය...!!!
7 comments:
පැරණි ලිපියට ලැබුණු ප්‍රථිචාර සඳහා මෙතැනින් සම්බන්ඳවන්න
අඩේ මම මේක දැක්කා වුනත් කියවන්න වුනේ නෑ නේ බන් . .
මේ වීක් එන්ඩ් එකේ අනිවා කියවනවා
මචං උඹ ලස්සනට ලියනවා...
ඔලුවට කචල් එකක් නැතිව එක දිගට සීරුවේ කියවන්න පුලුවන් තරම් ලස්සනට...
මම හිතන්නේ මම දැන් කැමතිම බ්ලොග් වලින් එකක් උඹේ සිතැඟි එක කියලා... සිරාවට...!
මේකත් ඒ ගානටම උස්සලා ගනින්...
මගේ සුභ පැතුම්...
Ela
I also started same thing. It is primarily for travel and adventure of all sorts. But just started. Hoping to update after exams.
http://stray-foot.blogspot.com/
@දුකා--
අනිවා දැනටමත් ඔයා කියවලා ඇති. :)
@තිස්සයියා--
උත්සහකරනවා අයියා. බොහෝම ස්තූතියි.
@සුජීව--
හොඳ වැඩක් මචං. දිගටම කරන්න. :)
මැක්සා..!
පට්ට. ලඟදිම යන්න ඕන...
Post a Comment